brand logo
logo
ගාල්ල බන්ධනාගාරයට විසිකළ පාර්සලයක අයිස් මත්ද්‍රව්‍ය

ගාල්ල බන්ධනාගාරයට විසිකළ පාර්සලයක අයිස් මත්ද්‍රව්‍ය

15 July 2026


පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරකට අනුව, ගාල්ල බන්ධනාගාරයේ පිටුපස දුම්රිය අංගනය අසලින් බන්ධනාගාරය තුළට පාර්සලයක් විසිකර පලායාමට තැත්කල පුද්ගලයන් දෙදෙනෙකු සොයා ගාල්ල මූලස්ථාන පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.


අදාළ පුද්ගලයන් දෙදෙනා විසින් විසිකරන ලද සැකකටයුතු පාර්සලය පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන පරික්ෂාවට ලක්කර ඇත.


එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2,180ක්, දුම්කොළ සහ ලයිටර් 49ක් සොයාගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.


බන්ධනාගාර රැඳවියන් ඉලක්ක කර ගනිමින් මෙම මත්ද්‍රව්‍ය සහ තහනම් ද්‍රව්‍ය ඇතුළත් පාර්සලය බන්ධනාගාර පවුරෙන් ඇතුළට දැමීමට සූදානම් කර ඇති බවට පොලීසිය සැක කරයි.


පලාගිය සැකකරුවන් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.


 

More News..