ගජමුතු තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට
17 October 2025
ගජමුතු තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට
17 October 2025
රුපියල් කෝටි 30කට අධික වාටිනා කමකින් යුතු ගජමුතු තොගයක් සමග සැකකරුවකු මහිමංගනය ආදි වාසි ගම්මානයේදි අද අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරීහු පවසයි.
ආරක්ෂක අංශ බුද්ධි තොරතුරක් මත මාස ගනනාවක සිට සිදු කළ විමර්ෂණයකින් පසුව මෙම මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බව වැටලීම සිදුකළ වනජීවි නිලධාරීහු කියති.
ශ්‍රී ලංකාවේදී එකම ස්ථානයකදී අත් අඩංගුවට ගැනුන විශාලතම ගජමුතු තොගය වන බව කියයි.
අත්අඩංගුවට ගත් ඒවා අතර ගජමුතු 30ක් දිවියකුගේ සමක කොටස්, ඇත් දළයක කොටස්, දිවියකුගේ තෙල්, කරුවල ශාඛ කොටස්, මෙරට නිශ්පාදනය කරන ගිනි අවියක්, සතුන් ඇල්ලීමට යොදා ගන්නා මදු, ඇත්දළ උපයෝගි කර ගනිමින් නිර්මාණය කළ මුදු, පළිම වර්ග ඇතුළු ඇඟපළඳින ආයිතම් වනජීවි වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතින් දැඩි ආරක්ෂීත ශාඛයක් වන දඹ ශාඛ වල කොටස් සමග මෙම ජාවාරම මෙහෙය වු ප්‍රධාන සැකකරු මාදුරුඔය ජාතික වන උද්‍යානය ආසන්නයේ පිහිටි මහියංගනය ආදි වාසි ගම්මානයෙදී මෙලෙස අත් අඩංගුවට ගැනිමට වනජීවි නිළධාරීන් සමත්ව තිබුනී.
විල්පත්තුව,රිටිගල හා මහියංගනය වනජීවි නිළධාරින් ඒකාබද්ධව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළේය.