brand logo
logo
මිලාද් උන් නබි උත්සවය අදයි

මිලාද් උන් නබි උත්සවය අදයි

26 August 2026


ඉස්ලාම් බැතිමතුන් ශුද්ධ වු මුහම්මද් නබි තුමන්ගේ ගුණ සිහිකරමින් උත්සවාකාරයෙන් අද එය සමරනු ලබයි.


සාමය හා සමානාත්මතාව පදනම් කරගත් ඉස්ලාම් දහම ලොවට දේශනා කළ මුහම්මද් නබි තුමන් අරාබියේ මක්කම නගරයේදී උපත ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 570 දීය.


කුඩා කළ සිටම සියලුදෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වෙමින් යහපත් දිවි පෙවෙතක් ගත කළ ඔහු හතලිස්වන වියේදී අල්ලාහ් දෙවියන් විසින් නබිතුමන් වශයෙන් තෝරාගනු ලැබූ බව ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසය වේ.


නබිතුමන්, ඉස්ලාම් දහමේ හර පද්ධතිය සිය දේශනාවෙන්, ක්‍රියාවෙන් සහ පරිත්‍යාගයෙන් ලොවට පෙන්වා දෙනු ලැබූ සුවිශේෂී ශාස්තෘවරයෙකි.


මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවණීය මානව ප්‍රේමයක් ගොඩනැගීමට කැපවූ නබි නායකතුමන්ගේ උපන්දිනය ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් අද මහත් උත්සවාකාරයෙන් සහ ආගමානුකූලව සමරනු ලබයි.

 

More News..