brand logo
logo
පෙරහැර නරඹා යද්දී රන්මාලය කොල්ලකයි

පෙරහැර නරඹා යද්දී රන්මාලය කොල්ලකයි

28 September 2026 | පාලිත ආරියවංශ-බදුල්ල


මහියංගණ ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර නැරඹිමට පැමිණි 21 හැවිරිදි තරුණයෙක් පැළඳ සිටි පවුම් එකහමාරක් බරැති රන් රුපියල් හාරලක්ෂ පනස් දහසක් වටිනා රන්මාලය ඊයේ (27) දා පෙ.ව. 10.30 ට පමණ මහියංගණය ජාතික පාසැල ඉදිරියේදී කොල්ලකරුවන් දෙදෙනෙක් විසින් කඩාගෙන ගොස් ඇතැයි මහියංගණය පොලිසිය පවසයි.


රැකියාව සදහා මහියංගණ දෙහිගොල්ල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිවී සිටින පැමිණිලිකරු පැමිණිල්ලේ සදහන් කර ඇති අන්දමට ඔහු සිය මිතුරෙකු සමග අවසන් රන්දෝලි පෙරහැර නැඹිමට ගොස් සිය නවාතැන ට යාම සදහා පාගමනින් මහියංගණය නගරය දෙසට යමින් සිටියදී ඉදිරියට පැමිණි දී පුද්ගලයන් දෙදෙනෙකු ඔවුන් දෙදෙනා දෙස රවා බලා පන්සල දෙසට ගොස් තිබේ.


ජාතික පාසැල අසලදී එසේ ගිය පුද්ගලයන් දෙදෙනා නැවත පැමිණ එක් පුද්ගලයෙක් තමාගේ අත්දෙකෙන් අල්ලා

මොනවද කෙල්ලන්ට අනම් මනම් කියන්නේ කියා බැනවදිනවාත් සමගම පිටුපසින් පැමිණි අනෙක් පුද්ගලයා තමාගේ රන්මාලය කඩාගත් බව පැමිණිලි කරු සදහන් කර ඇතැයි පොලිසිය පැවසීය.


එක් කෝල්ලකරුවෙක් මිතුරගේ බඩට පහරදී කොල්ලකරුවන් දෙදෙනාම දිවගිය බවත් ඔහු අල්ලා ගැනීමට තමා සහ සහ මිතුරා කොල්ලකරුවන් පසු පස එලවා ගෙන ගිය නමුත් අල්ලා ගැනීමට නොහැකිවූ බවත් පැමිණිලිකරු සදහන්කර ඇතැයි පොලිසිය පැවසීය.


 

More News..