ඉරණවිල හා අඹකඳවිල වෙරළ ඛාදනය යළිත් උග්ර වෙයි
25 October 2026 | මිහිසර රශ්වින්ද-මාරවිල
ඉරණවිල හා අඹකඳවිල වෙරළ ඛාදනය යළිත් උග්ර වෙයි
25 October 2026 | මිහිසර රශ්වින්ද-මාරවිල
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මුහුද රළු වීමත් සමඟ හලාවත - ඉරණවිල සහ අඹකඳවිල ප්රදේශවල වෙරළ තීරය යළිත් දැඩි ඛාදනයකට ලක්වෙමින් පවතී.
මේ හේතුවෙන් වෙරළ ආසන්නයේ පිහිටි නිවාස රැසකට මෙන්ම ධීවර කටයුතුවලට ද දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, හලාවත සිට වෙන්නප්පුව දක්වා දිවෙන මුහුදුබඩ මාර්ගයට ද අවදානමක් මතුව තිබේ.
මෙම ප්රදේශවල වෙරළ තීරය පසුගිය කාලයේදී ද අවස්ථා කිහිපයකදීම ඛාදනයට ලක්ව තිබූ අතර, එම තත්ත්වය පාලනය කිරීම සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ගල්වැටි යොදා වෙරළ ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ක්රියාත්මක කර තිබිණි.
එහෙත් මේ වන විට පවතින මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් එම ගල්වැටිවල කොටස් රැසක් කඩාගෙන ගොස් ඇති අතර, ඇතැම් ස්ථානවල වෙරළ තීරය ද දැඩි ලෙස ඛාදනය වී තිබේ.
වෙරළ ඛාදනය උග්ර වීමත් සමඟ ඇතැම් ස්ථානවල මුහුදු ජලය හලාවත–වෙන්නප්පුව මුහුදුබඩ මාර්ගයට ඉතා ආසන්නයටම පැමිණ ඇති බව ප්රදේශවාසීහු පවසති.
ඉදිරියේදීත් අයහපත් කාලගුණික තත්ත්වය පැවතියහොත් මුහුද තවදුරටත් රළු වී වෙරළ ඛාදනය වැඩි විය හැකි බවත්, එමඟින් මාර්ගයට හා ඒ ආශ්රිත දේපළවලට දැඩි හානි සිදුවීමේ අවදානමක් පවතින බවත් ඔවුහු පෙන්වා දෙති.

