කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
25 February 2026
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
25 February 2026
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ අද (25) පැවැත්වෙන ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් විය.
ඒ අනුව ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වේ.
අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුව ඇති අතර, ඒ අනුව පෙර තරගයට ක්‍රීඩාකළ කමිල් මිශාර වෙනුවට චරිත් අසලංක කැඳවා ඇත.
අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් මෙම තරගයේ ජය ශ්‍රී ලංකාවට අනිවාර්ය වේ.

