හම්බේගමුවේදී ගංජා හේන් දෙකක් වටලයි
23 August 2026 | කැලුම් ගුණතිලක මොනරාගල
හම්බේගමුවේදී ගංජා හේන් දෙකක් වටලයි
23 August 2026 | කැලුම් ගුණතිලක මොනරාගල
හම්බේගමුව පොලීසිය මඟින් අලුත්වැව සහ ගොමගල යන ප්‍රදේශ වල සිදුකළ වැටලීම් වලදී කෝටියක පමණ වටිනා ගංජා හේන් දෙකක් (22) වෙනිදා සොයා ගෙන ඇත.
අලුත්වැව ප්‍රදේශයේදී අක්කර එක හමාරක උස අඩි පහ හමාරක් වන ගංජා ගස් 42,600 සමඟ එම ප්‍රදේශයේම පදිංචි හතළිස් හතර හැවිරිදී අයෙකුද,ගොමගල ප්‍රදේශයේදී අක්කරයක උස අඩි තුනක ගංජා ගස් 10,800 සමඟ හම්බේගමුව ජනපදය ප්‍රදේශයේ පදිංචි පනස් හතර හැවිරිදි අයෙකුද මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
ගංජා වගාවන් කපා කොටා පුළුස්සා විනාශ කර ඇති අතර සැකකරුවන් සහ ගංජා ගස් වලින් කොටසක් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
හම්බේගමුව පොලිස් ස්ථානාධිපති තුෂාර සම්පත් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම් සිදුකර ඇත.

