brand logo
logo
ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 92,254 දක්වා ඉහළට

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 92,254 දක්වා ඉහළට

17 August 2026


වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,254 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 


එම ඒකකයේ නවතම දත්තවලට අනුව අගෝස්තු මාසයේදී වාර්තාවී ඇති රෝගීන් සංඛ්‍යාව 6914කි. 


ගම්පහ දිස්ත්‍රික්කයෙන් 19,671 දෙනෙකු, කොළඹ දිස්ත්‍රික්කයෙන් 18,289 දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කයෙන් 6,635 දෙනෙකු සහ මාතර දිස්ත්‍රික්කයෙන් 6040 දෙනෙකු හමුවී ඇත.


කළුතර දිස්ත්‍රික්කයෙන් 5,964ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 5,063ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් 4,946ක් ලෙස ඩෙංගු ආසාදිතයින් වාර්තාවී ඇති බව අදාළ දත්ත වාර්තාවේ දැක්වේ. 


එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තාවී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 68ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේය. 

 

More News..