කොළඹ වරායේ කන්ටේනරයකින් මතු වුන මත්ද්‍රව්‍ය තොගය
31 August 2026
කොළඹ වරායේ කන්ටේනරයකින් මතු වුන මත්ද්‍රව්‍ය තොගය
31 August 2026
කොළඹ වරායේ තිබූ කන්ටේනරයක් පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී විශාල මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත්වී තිබේ.
අදාළ මත්ද්‍රව්‍ය තොගය අයිස් මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන අතර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අදාළ මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇත.
පාකිස්තානයේ සිට මෙරටට ගෙනවිත් ඇති මෙම බහාලුම තුළ තිබූ තුවා අස්සේ සඟවා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බවට දැනට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

