brand logo
logo
මෝටර් රථයක් සහ යතුරුපැදියක් ගැටෙයි -  පුද්ගලයෙකු ජීවිතක්ෂයට

මෝටර් රථයක් සහ යතුරුපැදියක් ගැටෙයි - පුද්ගලයෙකු ජීවිතක්ෂයට

22 July 2026

පොළොන්නරුව - මහියංගන ප්‍රධාන මාර්ගයේ දිඹුලාගල නාමල්පොකුණ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු බරපතළ ලෙස තුවාල ලබා තිබේ.


අද (22) සවස 1ට පමණ මෝටර් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති අතර අනතුරින් තවත් පුද්ගලයෙකු බරපතළ ලෙස තුවාළ ලබා පොළොන්නරුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව මනම්පිටිය පොලීසිය පවසයි.


මියගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන් ගත් දිඹුලාගල මහඋල්පත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 31ක් වන පුද්ගලයෙකු බවද සඳහන් වෙයි.

මරණකරු පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් තිබේ.


අනතුරට හේතුව යතුරුපැද‍ෙකරුගේ නොසැලකිලිමත් රිය ධාවනය සහ බීමත්ව රිය ධාවනය බවද මනම්පිටිය පොලීසිය සඳහන් කරයි.


අනතුර සම්බන්ධයෙන් මෝටර්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අතර වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

 

More News..