ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ හිටපු සභාපති නිශාන්ත රණතුංගට ඇප
10 November 2026
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ හිටපු සභාපති නිශාන්ත රණතුංගට ඇප
10 November 2026
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (10) පෙරවරුවේ අත්අඩංගුවට ගත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ හිටපු සභාපති නිශාන්ත රණතුංග මහතා ඇප මත මුදාහැර තිබේ.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් සඳහන් කළේය.
ඉන් අනතුරුව අදාළ පැමිණිල්ල ජනවාරි මස 19 වනදා කැඳවන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියම කර තිබේ.
ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ අවධියේ ජල ව්‍යාපෘතියකට අනුයුක්ත කර තිබූ සේවකයින් දෙදෙනෙකු සිය පුද්ගලික රියැදුරන් ලෙස යොදා ගැනීම සහ එහි ආරක්ෂක නිලධාරීන් සිය පුද්ගලික නිවසේ ආරක්ෂාව සඳහා යොදා ගැනීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට සැකපිට අල්ලස් කොමිසම විසින් නිශාන්ත රණතුංග මහතා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

