Best News Website award
brand logo
logo
වත්මන් රජය යටතේ උද්ධමනය 8.5% දක්වා ඉහළ ගිහින් - රවි කරුණානායක

වත්මන් රජය යටතේ උද්ධමනය 8.5% දක්වා ඉහළ ගිහින් - රවි කරුණානායක

25 November 2026


උද්ධමනය පාලනය කිරීමට නොහැකි වූ බවට පසුගිය රජයන් වෙත දොස් පැවරූ වත්මන් පාලනය යටතේ, මෙරට උද්ධමන වේගය සියයට 8.5ක් දක්වා ඉහළ නැඟ ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කරයි.


ගෝලීය අර්බුදයට මුහුණ දී සිටින සෙසු රටවල උද්ධමනය ඉතා පහළ අගයක පවතින බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.


"මෙතෙක් දුර මීට පෙර ආණ්ඩුවලට බැන්නේ උද්ධමනය පාලනය කරන්න බැහැ. මොකද ආණ්ඩු ණයට ගන්නවා සල්ලි, අච්චු ගහනවා මෙවැනි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ස්වාධීනත්වයක් තියෙන මහ බැංකුව තුළ සහ ආණ්ඩුව සල්ලි ගන්නේ නැති වුණාම, අතිරික්තයකුත් තියාගෙන ඉන්නකොට, මේ වගේ ඉල්ලුම අනුව වැඩි වෙලා නැති වෙන අවස්ථාවේදී කොහොමද එහෙනම් 8.5%ක උද්ධමනයක් තියෙන්නේ? දැන් උද්ධමනය කියන්නේ සල්ලි අච්චු ගහලා ප්‍රශ්න කරයි කියලානේ ඊට පෙර ආණ්ඩුවලට බැන්නේ. ඉතින් මේ ආණ්ඩුව ඒක කරන්නේ නැති වෙන අවස්ථාවේදී ඒක වෙන්නේ කොහොමද? එතකොට වෙන්නේ කොහොමද කියලා කිව්වහම එතකොට ප්‍රශ්න ඇති වෙනවා ස්වාධීන මහ බැංකුව තුළ එහෙනම් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවද? ඇහුවා ඇයි මේ කාර් විවෘත කරනකොට ඇයි ඔබතුමාලා මේක අකමැත්ත ප්‍රකාශ කළේ? අපි කිව්වා අකමැත්ත ප්‍රකාශ නොකිරීම නෙවෙයි ප්‍රශ්නේ, මේක විවෘත කිරීම තුළ රුපියල බාල්දු වෙන්න පටන් ගත්තොත් ඒ බාල්දු වීම තමයි අද ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙන්නේ. අද අවුරුදු දෙකකට පස්සේ මම එදා කියපු නේ නෙවෙයිද වෙලා තියෙන්නේ? මේ උද්ධමනය පාලනය වීම අනිත් රටවල්වල මීට වඩා අඩු තත්ත්වයක් තියෙන්නේ."


මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ උද්දමනය අඩු කිරීම සඳහා බැංකු පොලී අනුපාතය ඉහළ දැමීම මඟින් ගැටලු රැසක් මතුවන බවය.


"ආනයනය කරන බදුවල බදු ප්‍රමාණය අඩු කරාට වැඩක් නෑ. මෙහේ නිෂ්පාදන වියදම වැඩි වුණොත්. මේකේ විදුලි බිල වෙන්න පුළුවන්, වතුර, පඩි නඩි, තෙල් මිල මේ ඔක්කොමගේ වියදම වැඩි නම් එතකොට අපි නිෂ්පාදනය කරලා අපනයනය කරන භාණ්ඩයේ මිල වැඩි වෙනවා. මේක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් පොලී අනුපාතය 9% කිව්වහම මේක සුළු හා මධ්‍යම ව්‍යාපාරයෙන් බැංකුවකින් ණයක් ගන්නකොට 15%ක්, 16%ක් වෙනවා. උද්ධමනය පාලනය කරන්න පොලී අනුපාතය වැඩි කරලා ඒක තුළින් මුදල් සංසරණය අඩු කිරීම තුළ අපේ ආර්ථිකය සංකෝචනය කිරීම අහිතකර ප්‍රතිපත්තියක්නේ. අවුරුදු දෙකහමාරක් මේකමයි කරලා තියෙන්නේ. එතකොට රට වර්ධනය වෙන්නේ කොහොමද? 7%, 8%, 9%ක වර්ධන වේගයක් තියෙනකොට මේක යම් විදිහෙන් සංකෝචනය, ආර්ථික සංකෝචනය වෙන්න පටන් ගත්තට පස්සේ මේක දරාගන්න බැරි තත්ත්වයකට තල්ලු වෙනවා."

 

More News..