ජන වරමේ පුරවැසියෝ මහනුවර උද්ඝෝෂණයක
22 October 2026 | කමක් සුරවීර
ජන වරමේ පුරවැසියෝ මහනුවර උද්ඝෝෂණයක
22 October 2026 | කමක් සුරවීර
විවිධ බලපෑම්වලට නතු නොවී නීතිය සැමට සාධාරණව ක්රියාත්මක කරන ලෙස රජයට බල කිරීමේ උද්ඝෝෂණ ව්යාපාරයක් අද (22) දින පස්වරුවේ මහනුවර දළදා වීදිය කේන්ද්ර කොට පැවැත්විණි.
ජනවරමේ පුරවැසියෝ නම් වූ සංවිධානයක් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කොට තිබූ අතර ඊට එක් වූ ගිහි පැවිදි පිරිසක් සඳහන් කළේ වර්තමාන රජය සැමට එක හා සමානව නීතිය ක්රියාත්මක කරන අවස්ථාවේ එම උත්සාහය බිඳ දැමීම සඳහා බංකොලොත් විපක්ෂයට සම්බන්ධ ගිහි පැවිදි පිරිසක් කටයුතු කරමින් සිටිනා බවය.
මෙම විරෝධතා ව්යාපාරය සඳහා විශාල පිරිසක් එක්ව සිටි අතර දේශපාලඥයෝ සහභාගී නොවීම විශේෂත්වයකි.
පැය කිහිපයක් වර්ෂාවද නොතකා උද්ඝෝෂණය පැවති අතර දැවැන්ත ජන වරමකින් බිහි වූ වර්තමාන රජය විනාශ කිරීමට කිසිවෙකුට හෝ ඉඩ නොදෙන බවද ඔවුහු පැවසූහ.

