brand logo
logo
භාවිතයට නුසුදුසු රූපලාවණ්‍ය නිෂ්පාදන රැසක් වෙළෙඳපොළේ

භාවිතයට නුසුදුසු රූපලාවණ්‍ය නිෂ්පාදන රැසක් වෙළෙඳපොළේ

26 September 2025 | නිර්මාණි තිලකසිරි

රූපලාවණ්‍ය නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමේදී ප්‍රමිති පරීක්ෂා සිදුකළද නීත්‍යනුකූල නොවන ආනයනික රූපලාවණ්‍ය නිෂ්පාදන රැසක් මෙරට වෙළෙඳ‌ෙපාළ තුළ තිබෙන බව මේ වන විට අනාවරණයවී ඇති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ (පරීක්ෂණාගාර සේවා) සුජීව මහගම පවසයි.


මෙලෙස ආනයනික රූපලාවණ්‍ය පරීක්ෂාව මගින් සාම්පල් සියයට අනූනවයක් පමණ එම සාම්පල පරීක්ෂාවෙන් සමත් වන නමුත් වෙළෙඳ‌ෙපාළ වැටලීම්වලදී භාවිතයට නුසුදුසු තත්ත්වයේ නිෂ්පාදන හමුවන්නේ නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර හෝ මෙරට තුළ ව්‍යාජව නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදන බව හෙතෙම සඳහන් කළේය.


රූපලාවණ්‍ය නිෂ්පාදනයක් තුළ අඩංගු විය යුතු රසදිය ප්‍රමාණය කිලෝග්‍රෑම් එකකට මිලි ග්‍රෑම් එකක් පමණ වන නමුත් මෙම වෙළෙඳ‌ෙපාළ පරීක්ෂා කිරීමේදී හඳුනාගත් ඇතැම් නිෂ්පාදන තුළ එම සීමාව ඉක්මවා තිස් දහසත් හතළිස් දහසත් අතර සීමාවල රසදිය පවතින බව හඳුනාගෙන ඇත.


මෙවැනි නිෂ්පාදන භාවිතය සෞඛ්‍යට මෙන්ම පරිසරයට ද හානියක් වන බව පෙන්වාදුන් හෙතෙම කියා සිටියේ මෙම නිෂ්පාදන මිලදී ගැනීමේදී භාරිභෝගිකයන් ලෙස වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.

 

More News..