brand logo
logo
 ඩෙංගු මරණ සංඛ්‍යාව 30ක් දක්වා ඉහළට

ඩෙංගු මරණ සංඛ්‍යාව 30ක් දක්වා ඉහළට

25 June 2026


මාරාන්තික ඩෙංගු රෝගය හේතුවෙන් වසරේ මේ දක්වා සිදුවූ මරණ සංඛ්‍යාව 30ක් දක්වා ඉහළ ගොස් තිබේ.


සෞඛ්‍ය අංශ තහවුරු කරන පරිදි මේ වන විට දිවයිනෙන් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 49,000කට ආසන්නය.


එම අංශ පෙන්වා දෙන්නේ, මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 14ක් පුරා ඩෙංගු රෝගය දැඩි ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බවය.


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය සිටියේ, සමස්ත රෝගීන්ගෙන් 25,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවය.


මෙම මාසය නිම වීමට තවත් සතියකට ආසන්න කාලයක් ඉතිරිව තිබියදී, වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 15,000කට ආසන්න වේ.


රෝගීන් ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් IDH (අංගොඩ බෝවන රෝග විද්‍යායතනය), කොළඹ ජාතික රෝහල, කළුබෝවිල සහ ගම්පහ ඇතුළු ප්‍රධාන රෝහල් රැසක් මේ වන විටත් සිය උපරිම ධාරිතාවට ළඟා වී ඇත.


ඒ හේතුවෙන් වත්මන් තත්ත්වය පාලනය කළ හැකි සීමාවෙන් ඔබ්බට ගොස්, රට තුළ ඩෙංගු 'අධි වසංගත' තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ බරපතළ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

 

More News..