මාලිමා මන්ත්‍රීවරු 159ට එරෙහිව දිනන දකුණින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
02 September 2026
මාලිමා මන්ත්‍රීවරු 159ට එරෙහිව දිනන දකුණින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
02 September 2026
ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්‍තුවට තේරි පත් වූ මන්‍ත්‍රීවරුන්ට එරෙහිව දිනන දකුණ සංවිධානයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අදාළ මන්ත්‍රීවරු සිය මන්ත්‍රී ධුරයට හිමි වරප්‍රසාද වන දීමනා ලබාදීමේ අරමුණ වන මහජන යහපත උදෙසා නොයොදවා ජනතා විමුක්ති පරෙමුණේ බැංකු ගිණුමට තැන්පත් කිරීම මඟින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකර ඇතැයි ඔවුන් පවසයි.
ඒ පිළිබඳ 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ කඩිනම් විමර්ශනයක් පවත්වන මෙන් ඉල්ලීමක් කරහිව් දිනන දකුණ සංවිධානය අද (02) උදෑසන අල්ලස් කොමිසමෙන් ඉල්ලා අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළේය.
පැමිණිල්ලෙන් ඔවුන් ජාතික ජන බලවේගයයේ මන්ත්‍රීවරුන් 159දෙනාම කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන විමර්ශනයක් කරන ලෙසත් පක්ෂයේ බැංකු ගිණුම් පරීක්ෂා කරන්න ලෙසත් කාරණා පහක් යටතේ පැමිණිල්ල ඉදිරිපත් කළේය.

