බෙංගාල බොක්කේ පීඩන අවපාතයක්
31 October 2026
බෙංගාල බොක්කේ පීඩන අවපාතයක්
31 October 2026
ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද අන්දමන් හා නිකොබාර් දූපත් ආශ්රිත මුහුදු ප්රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනයවී ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම පද්ධතිය බටහිර-වයඹ දෙසට ගමනු කරනු ඇති බවය.
ඒ අනුව එය අද (31) රාත්රී 11.30ට පමණ වනවිට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය ආශ්රිතව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනයටවීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
මෙය තවදුරටත් බටහිර-වයඹ දෙසට ගමන් කරමින්, හෙට (01) පෙරවරු 11.30ට පමණ වනවිට ගිනිකොණදිග සහ ඊට යාබද නිරතදිග හා බටහිර-මධ්යම බෙංගල බොක්ක මුහුදු ප්රදේශය ආශ්රිතව සුළි කුණාටුවක් දක්වා වර්ධනයවීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතින බව සඳහන්ය.
ඉන් අනතුරුව නොවැම්බර් මස දෙවැනිදා පස්වරු 05.30ට පමණ වනවිට ආන්ද්රා ප්රදේශ් වෙරළට ආසන්න බටහිර-මධ්යම බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය වෙත ළඟා වනු ඇති බවට අපේක්ෂා කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව වැඩිදුටරත් නිවේදනය කළේය.

