Best News Website award
brand logo
logo
නීතිපති සහ රුසියානු අභිචෝදක ජනරාල් අතර හමුවක්

නීතිපති සහ රුසියානු අභිචෝදක ජනරාල් අතර හමුවක්

26 November 2026

නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා සහ රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන අභිචෝදක ජනරාල් Aleksander Gutsan මහතා අතර විශේෂ හමුවක් අද (26) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.


මෙම සාකච්ඡාවේදී දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරි කටයුතු මෙහෙයවීම පිළිබඳව අවධානය යොමු වී තිබේ. එමෙන්ම දෙපාර්ශ්වය අතර නීතිමය සහයෝගීතාව වර්ධනය කර ගැනීම ඇතුළු නීතිමය වශයෙන් වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් එහිදී අදහස් හුවමාරු කරගෙන ඇති බව වාර්තා වේ.


ඒ සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමක් සඳහා ද අත්සන් කිරීම ද මෙරට නීතිපතිවරයා සහ රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන අභීචෝදක ජනරාල් විසින් සිදුකරන ලදී.


ශ්‍රී ලංකාවේ අපරාධවලට සම්බන්ධ වූ පුද්ගලයින් රුසියාවට පලාගොස් සැගවී මුල්‍යමය කටයුතු සහ දේපළ වැනි දෑ සගවා ගෙන සිටී නම් අපරාධයකින් උද්පාදිත දේ පිළිබඳ පනතට අනුව මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කරන සහයෝගය නිරන්තරයෙන් ලබාදීමට කටයුතු කරන බව මෙහිදී රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන අභිචෝදක ජනරාල් විසින් සඳහන් කර ඇත.


අධිකරණ කටයුතු සම්බන්ධයෙන් මෙන්ම අනෙකුත් කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් ලබාදෙන සහයෝගය ද එහිදී පැසසීමට ලක්විය.


රුසියානු සමූහාණ්ඩුවේ ඉහළ පෙලේ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

 

More News..