brand logo
logo
වෙඩි තබා වීදුරු කඩා, ඇල්ලූ සැකකරු සන්තකයේ තිබී හමුවූ දේවල්

වෙඩි තබා වීදුරු කඩා, ඇල්ලූ සැකකරු සන්තකයේ තිබී හමුවූ දේවල්

23 September 2026 | බිමල් ජයසිංහ-බන්ඩාරගම


පොලිස් අණ නොතකා මෝටර් රියකින් පලායමින් සිටියදී පන්නලදි අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 23කට අධික වටිනා හෙරොයින් මත්කුඩු සහ ඔහු පදිංචිව සිටි නිවෙසේ තිබී මත් ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන රුපියල් ලක්ෂ 26ක මුදලක් සොයාගත් බව ගිරිඋල්ල පොලිසිය පවසයි.


හොරයින් මත්ද්‍රව්‍ය තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරන බවට එම මෝටර් රථයේ අංකයක් සමඟ ගිරිඋල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ එම් සි අනුර පක්‍ෂට ලද තොරතුරකටඅනුව ගිරිඋල්ල ප්‍රදේශයේදී එම මෝටර් රථයට නැවතීමට සංඥා කර ඇති අතර එය නොනවත්වා පන්නල දෙසට ධාවනය කර තිබිණි.


මෝටර් රථය පසුපස හඹා ගිය පොලිස් නිලධාරින් පන්නල නගරයේදී මෝටර් රිය නවතා සැකකරුවන් අත්අඩංගුව⁣ට ගෙන තිබිණි.


ලබ්බල වැල්ලෑව, ඇල්හේන් කන්දේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයකු සහ ඔහුගේ අනියම් බිරිඳ බව කියන නාරංගොඩ, ගිරාණ රුක්ගොල්ලවත්ත පදිංචි 39 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ 16 හැවිරිදි දියණිය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.


මෝටර් රථය පොලිසියට රැගෙන යාමෙන් අනතුරුව කළ පරික්ෂාවේදී ඒ තුළ තිබී හොරයින් මත්ද්‍රව‍ය ගෑම් 15 මිලිගෑම් 260 ක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවකියන රුපියල් 924770/= ක් සොයා ගැනීමට හැකි වී ඇත.


අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු කුලී පදනම මත පදිංචි නෙළුම්දෙණිය, හීරගලවත්ත නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී තවත් හෙරෙයින් මත්ද්‍රව‍ය ගෑම් 62 , මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන රුපියල් 1,680.000/= මුදලක්, මත්ද්‍රව්‍ය භා විවිධ ස්ථානවලින් නොතෙමී තැබීමට යොදා ගන්නා අරක්කු බෝතල් මූඩි 500 ක් අගල් දෙකක් පමණ දිගැති ප්ලාස්ටික් බට 2235 ක්, සහ අඩි 35ක ප්ලාස්ටික් බටයක් එහි තිබී සොයා ගෙන ඇත.


අත්අඩංගුවට ගත් කාන්තාවද මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මිට පෙර පොලිස් අත්අඩංගුවට පත් වූ තැනැත්තියක් බව පොලිසිය පැවසීය. 

 

More News..