අල්ලස් ගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට
29 April 2025
අල්ලස් ගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට
29 April 2025
රුපියල් 6,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීම හේතුවෙන් කරදියනාරු මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කරදියනාරු ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අද (29) පෙ.ව.10.49 ට පමණ පැමිණිලිකාරියගේ නිවසේ දී සැකකරු විසින් මුදල් ලබාගත් අවස්ථාවේ දී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
පැමිණිලිකාරිය විසින් ඉදිකරමින් පවතින නව නිවස පරීක්ෂා කර, එහි සැලසුම අනුමත නොකර, ඉදිකිරීම වරදක් බවට පවසා නීති මඟින් කටයුතු කළහොත් රු.50,000 ක දඩයක් නියම වන බවට සැකකරු විසින් පැමිණිලිකාරියට පවසා ඇත.
එමෙන්ම සැකකරු පවසා ඇත්තේ එවැනි නීතිමය ක්‍රියාමාර්ග නොගෙන, ඉදිකරමින් පවතින නිවස බාධාවකින් තොරව ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සලසා, ඒ සඳහා ඉදිකරමින් පවතින නිවස ආකාරයටම සැකකරු විසින් ම සැලසුමක් ඇඳ එම සැලසුම අනුමත කර දීමට රු.12,000ක මුදලක් අවශ්‍ය බවය.
ඉන්පසුව එකී මුදලින් රු.5,000ක් මුදලක් සැකකරු විසින් මුලින් ලබාගෙන ඇත.
පසුව සැකකරු අද පැමිණිලිකාරියගේ නිවසට පැමිණ ඇත්තේ අල්ලස් ලෙස ඉල්ලු ඉතිරි මුදලින් තවත් 6,000ක මුදලක් ලබාගැනීමටය.
අත්අඩංගුවට ගත් සැකකරු එරාවුර් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.