brand logo
logo
ස්පාඤ්ඤයේ හදිසි මැතිවරණයක් ප්‍රකාශයට පත් කෙරේ

ස්පාඤ්ඤයේ හදිසි මැතිවරණයක් ප්‍රකාශයට පත් කෙරේ

05 October 2026


ස්පාඤ්ඤයේ සුළුතර ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ නිවාස සහන යෝජනා පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, අගමැති පෙඩ්රෝ සැන්චෙස් (Pedro Sanchez)හදිසි මහ මැතිවරණයක් පවත්වන බව නිවේදනය කර ඇත.


නොවැම්බර් 29 වනදා මෙම මැතිවරණය පවත්වන බව පැවසූ අගමැතිවරයා, රට ඉදිරියට ගෙනයාම සඳහා ජනතාවගෙන් වැඩි බලයක් ලබාගැනීමට බලාපොරොත්තු වන බව පවසා තිබේ.


රටේ නිවාස අර්බුදය සම්බන්ධයෙන් මහජන විරෝධතාවලින් එල්ල වන පීඩනය වැඩි වීමෙන් පසු මෙලෙස හදිසි මැතිවරණයක් කැඳවීමට තීරණය කර තිබේ.


ස්පාඤ්ඤයේ පවතින නිවාස අර්බුදය නිසා ජනතාවගෙන් එල්ල වන දැඩි පීඩනය අඩු කිරීමට ආණ්ඩුව විසින් නව නීති දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.


නමුත්, එම නීති දෙකට පාර්ලිමේන්තුවේ සහාය ලබාගැනීමට ආණ්ඩුව අසමත් වී තිබූ අතර ඉන් පැය 72ක් ගත වන්නටත් පෙර අගමැතිවරයා මෙම හදිසි මැතිවරණය පැවැත්වීමට තීරණය කර තිබේ.


එමෙන්ම, තම ආණ්ඩුව අතින් යම් යම් අඩුපාඩු සහ වැරදි සිදු වූ බව ඔහු පිළිගන්නා බවද විදෙස් වාර්තා පවසයි.


ස්පාඤ්ඤයේ පවතින දැඩි නිවාස අර්බුදය සහ ගෙවල් කුලී ඉහළ යාම හේතුවෙන් එරට ජනතාව අතර විශාල විරෝධයක් ගොඩනැගී ඇත.

 

More News..