ව්‍යාජ ලෙස රියැදුරු බලපත්‍ර හැදූ තිදෙනෙක් අත්අඩංගුවට
12 January 2025
ව්‍යාජ ලෙස රියැදුරු බලපත්‍ර හැදූ තිදෙනෙක් අත්අඩංගුවට
12 January 2025
රියැදුරු බලපත්‍ර, වාහන ලියාපදිංචි කිරීම සහතික, සහ තවත් වටිනා සහතික පත් සකස් කර දෙන බවට පවසා මුදල් ලබාගෙන කූට ලෙස සකස් කරන ලද බලපත්‍ර සහ සහතික පත් තොගයක් ඇතුළු තවත් උපකර රැසක් සමඟ තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සඳහන් කරයි.
මෙම සැකකරුවන් කූට ලේඛන සකස් කිරීමට උපයෝගී කරගත් පරිගණකයක්, ජංගම දුරකතන හයක්, පෙන්ඩ්‍රයිව් එකක්, ව්‍යාජ ලෙස සකස් කරන ලද රියැදුරු බලපත්‍ර කාඩ් තුනක්, එම ලේඛන සහ රියදුරු බලපත්‍ර 19 ක් මෙහිදී අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදු කරන පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
සැකකරුවන් මනම්පිටිය, බොරලැස්ගමුව, නාරාහේන්පිට යන ප්‍රදේශවල පදිංචි තිදෙනෙකි.
නාරාහෙන්පිට රියැදුරු පාසලෙන් ලබාදෙන, ව්‍යාජ තාවකාලික රියදුරු බලපත්‍රයේ, මෝටර් රථ දෙපාර්තමේන්තු මගින් ලබාදෙන විශේෂ ස්ටිකරය අලවා ඇති අතර එය මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් විසින්, කූට ලේඛනය සකසන අයට ලබාදී ඇති බවට තොරතුරු තහවුරු වී ඇති බවත්, ඒ පිළිබඳව ද විශේෂ විමර්ශනයක් සිදු කරමින් පවතින බව පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.