brand logo
logo
 රුපියල 2.2%කින් අවප්‍රමාණය වෙයි

රුපියල 2.2%කින් අවප්‍රමාණය වෙයි

14 June 2025



වසරේ මේ දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 2.2% කින් අවප්‍රමාණය වී ඇති බව මහ බැංකුව ප්‍රකාශ කරයි.

 

සංසරණයේ පවතින මුදල් ප්‍රමාණය වැඩිවීම සහ වාණිජ බැංකු විසින් මහ බැංකුවේ තබා ඇති තැන්පතු වැඩිවීම හේතුවෙන් සංචිත මුදල් පෙර සතියට සාපේක්ෂව වැඩි වූ බව සතිපතා ආර්ථික වාර්තාව ඉදිරිපත් කරමින් මහ බැංකුව සදහන් කරයි.

 

මුළු හිඟ වෙළඳපොළ ද්‍රවශීලතාවය ඊයේ (13) වන විට රුපියල් බිලියන 187.53 කි.

 

More News..