මහනුවර ඇසළ පෙරහර සමයේ නගරයේ වීදි සුනඛයින් ඉවත් කිරීමේ විශේෂ වැඩසටහනක්
26 August 2026 | හේවාහැට - කුමාර වික්‍රමආරච්චි
මහනුවර ඇසළ පෙරහර සමයේ නගරයේ වීදි සුනඛයින් ඉවත් කිරීමේ විශේෂ වැඩසටහනක්
26 August 2026 | හේවාහැට - කුමාර වික්‍රමආරච්චි
මහනුවර ඇසළ පෙරහර සමයේ නගරයේ වීදි සුනඛයින් ඉවත් කිරීමේ විශේෂ වැඩසටහනක් නාගරික පශු වෛද්‍ය දෙපාර්තමේන්තුව මගින් මේ වන විට ක්‍රියාත්මක කර ඇත.
25 වන දිනය වනවිට වීදි සුනඛයින් 39 දෙනෙකු අල්ලාගෙන ඇති අතර මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහගේ විශේෂ ඉල්ලීමකට අනුව ගැටඹේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂකගේ උපදෙස් මත ගැටඹේ පශු වෛද්‍ය රෝහලේ කූඩු තුළ මෙම සතුන් රැඳවීමට කටයුතු සලසාදී ඇත.
රඳවාගෙන සිටින මෙම සතුන්ට අවශ්‍ය ආහාර, ප්‍රතිකාර, පිරිසිදු කිරීම්, වන්ද්‍යාකරණ සැත්කම් කිරීම සහ ජලභීතිකා එන්නත් ලබාදීම මෙහිදි සිදුවේ.
පෙරහර සමය අවසානයේ මෙම සතුන් පිළිබඳව දත්ත පද්ධතියක් සැකසීමට ද කටයුතු සූදානම් කොට ඇත.

