brand logo
logo
වසරේ මේ දක්වා වෙඩි තැබීමේ සිද්ධි 37ක්

වසරේ මේ දක්වා වෙඩි තැබීමේ සිද්ධි 37ක්

15 September 2026



වසරේ මේ දක්වා කාලය තුළ මෙරට වෙඩි තැබීමේ සිද්ධි 37ක් වාර්තා වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.


අද (15) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.


අමාත්‍යවරයා පැවසුවේ මෙම වෙඩි තැබීමේ සිද්ධි 37න් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් ඇති බවත්ය.


එමෙන්ම මෙම වසරේ මේ දක්වා කාලය තුළ ගිනිඅවි ඇතුළු අවි ආයුධ 797ක් පොලිස් භාරයට ගෙන ඇති බවත් පැවසූ අමාත්‍යවරයා පසුගිය 2025 වසරේදී ගිනි අවි 2,404ක් පොලිස් භාරයට ගෙන ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේය.


"2026-09-14 වන විට සමස්තයක් හැටියට වෙඩි තැබීමේ සිද්ධි 37ක් වාර්තා වෙලා තියෙනවා 18ක් මිය ගිහින් තියෙනවා. ඒ අතරේ පසුගිය කාලයට අදාළව ජනවාරි 1 වැනිදා ඉඳලා මේ අවුරුද්දේ සැප්තැම්බර් 10 දක්වා ටී 56 ගිනි අවි 14ක්, පිස්තෝල 31ක් රිවෝල්වර 25ක්, වෙනත් අවි 797ක් හැටියට මුළු අවි 867ක් පොලිස් භාරයට අරන් තියෙනවා. 2025 මාස 12 තුළදී 2,404ක් මුළු අවි පොලිස් භාරයට අරන් තියෙනවා.


සිදුවීමක් හැටියට ගත්තොත් දෙහිවල සිදුවීමේදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට අරගෙන තියෙනවා. ප්‍රධාන සැකකරු තවමත් අත්අඩංගුවට අරගන නෑ. කඩිනමින් අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තු වෙනවා."

 

More News..