brand logo
logo
 අමෙරිකානු යුද නැව් දෙකක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරයි

අමෙරිකානු යුද නැව් දෙකක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරයි

11 April 2026



අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව ප්‍රථම වතාවට අමෙරිකානු යුද නැව් දෙකක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.


එක්සත් ජනපදය විසින් එම මාර්ගයේ ඇති බාධක ඉවත් කරමින් සිටින බව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.


අමෙරිකානු නාවික හමුදාව විසින් සමුද්‍ර සන්ධිය හරහා ඇති බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදු කරන බවට විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. 


මෙම මෙහෙයුම සඳහා ටෙහෙරානයේ බලධාරීන් සමඟ සම්බන්ධීකරණය කර නොමැති බව එක්සත් ජනපදයේ ඇක්සියෝස් පුවත් සේවය සඳහන් කරයි.

 

More News..