කැලණි ගඟේ ජල මට්ටම ඉහළට
20 September 2026
කැලණි ගඟේ ජල මට්ටම ඉහළට
20 September 2026
ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ ජල මට්ටම සැලකිය යුතු මට්ටමින් ඉහළ යමින් පවතින බව වාර්තා වේ.
මේ වන විටත් අදාළ ප්‍රදේශවල වැසි ඇද හැලෙමින් පවතින අතර, ඊයේ (19) සවස කාලයට සාපේක්ෂව ගත වූ පැය 24 ක කාලය තුළ කැළණි ගඟේ පූගොඩ ප්‍රදේශයෙන් ජල මට්ටම අඩි කිහිපයකින් ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වී තිබේ.
අඛණ්ඩව වැසි පවතින බැවින් ගඟ ආසන්න පහත් බිම්වල ජීවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස ඉල්ලා සිටී.

