වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 86,000ක්
02 August 2026
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 86,000ක්
02 August 2026
වසරේ ආරම්භයේ සිට මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 86,000ක් ලෙස වාර්තා වී තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.
ඒ අනුව වසරේ මේ දක්වා වූ කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පසුගිය ජූලි මාසයේදි වන අතර එම ගණන 29,980ක් ලෙසට සටහන් වී තිබේ.
මේ අතර අගෝස්තු මාසයේ ගතවූ දින දෙක තුළ ඩෙංගු රෝගීන් 646ක්ද වාර්තා වී ඇත.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කර ඇත්තේ මින් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන බවය.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති එම රෝගීන් ගණන 18,249කි.
දෙවැනියට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම රෝගීන් ගණන 17,048ක් ලෙස සටහන් වී තිබේ.
මෙලෙස රෝගීන් වාර්තා වීම සිදු වෙන පසුබිමක ඩෙංගු රෝගය හේතුවෙන් සිදුවූ මරණ ගණන 62ක් ලෙසද සටහන් වී ඇති අතර අධි අවදානම් කලාප ලෙස තවදුරටත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 137ක් පවතින බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත.

