ශිරාන් බාසික්ගේ ඉල්ලීම් ගැන සොයා බලා දැනුම් දෙන්නැයි අභියාචනාධිකරණයෙන් නීතිපතිට නියෝගයක්
05 November 2026
ශිරාන් බාසික්ගේ ඉල්ලීම් ගැන සොයා බලා දැනුම් දෙන්නැයි අභියාචනාධිකරණයෙන් නීතිපතිට නියෝගයක්
05 November 2026
අත්අඩංගුවේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නමැත්තාට නිවසින් ආහාර ලබා ගැනීමට සහ නීතිඥවරු හමුවීම සඳහා දැනට වඩා ප්‍රවේශය ලබාදීමට තිබෙන හැකියාව සොයා බලා අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය අද(05)නීතිපතිවරයාට දැනුම් දුන්නේය.
ශිරාන් බාසික් රදවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ රිට් පෙත්සමක් අද මහේන් ගොපල්ලව සහ ඒ. ප්‍රේමශංකර් යන අයගෙන් සමන්විත අභියාචනාදීකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදුකෙරුණි.
එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ඥානරාජ් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුට නිවසින් ආහාර ලබා ගැනීමට සහ නීතිඥවරුන් හමුවීම සඳහා දැනට වඩා ප්‍රවේශය ලබා දෙන ලෙස වග උත්තර කර පාර්ශ්වය වෙත ඉල්ලීම් කර තිබෙන බව දැනුම් දුන්නේය.
එම ඉල්ලීම්වලට සාධනීය ප්‍රතිචාර ලැබෙන්නේ නම් මෙම පෙත්සම තුළින් ඉල්ලා තිබෙන අතුරු සහන නියෝග පිළිබඳව කරුණු දැක්වීමට අවශ්‍ය නොවනු ඇති බවත් මෙහිදී නීතිඥ ඥානරාජ් සදහන් කළේය.
ඒ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල රජයේ නීතිඥවරයාට දැනුම් දුන්නේ මෙම කරුණු සම්බන්ධයෙන් වග උත්තරකරුවන් ගෙන් විමසා ඒ පිළිබඳ ඔවුන්ගේ ස්ථාවරය ලබන 10 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙසයි.
පෙත්සම්කරු ඉල්ලා සිටින්නේ ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසුව අත්අඩංගුවට ගන්නා ලද ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාෂික් රදවා ගැනීම සඳහා නිකුත් කළ රැඳවුම් නියෝගය නීතියට පටහැණි බවත් එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

