roadBlockAd
brand logo
logo
16 වන ජාතික රණවිරු අනුස්මරණය වෙනුවෙන් සැමරුම් උත්සවයක්

16 වන ජාතික රණවිරු අනුස්මරණය වෙනුවෙන් සැමරුම් උත්සවයක්

16 May 2025

16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට සමගාමිව එළඹෙන 2025 මැයි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී සැමරුම් උත්සවයක් පැවැත්වීමට නියමිතයි.


එම සැමරුම් උත්සවය සඳහා වන පෙර සූදානම පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (16) ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත් වුණි.


ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වනු ලදී.


ජනාධිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මෙම උත්සවයට සහභාගී වීමට නියමිත බවයි එම මාධ්‍ය හමුවේ දී සඳහන් කළේය.


එළඹෙන මැයි 19 වන දින පස්වරු 4.00 සිට 6.00 දක්වා මෙම රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙන අතර, ඊට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් දිවයින පුරා ප්‍රජා සුභසාධන වැඩසටහන් මාලාවක් ද ක්‍රියාත්මක කරනු ලබයි.


එම අවස්ථාවට කුරිරු ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබා දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆොස් රොෂාන් ගුණතිලක ද සහභාගී වීමට නියමිතයි.

 

More News..