brand logo
logo
පර්සි අබේසේකරට මිලියන 5ක පරිත්‍යාගයක්

පර්සි අබේසේකරට මිලියන 5ක පරිත්‍යාගයක්

18 September 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි දිරිගන්වන්නා වන ලොවපුරා ජනප්‍රිය පර්සි අබේසේකර වෙත සුවිශේෂී පරිත්‍යාගයක් ලබා දී තිබේ.


මෙම පරිත්‍යාගය ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි.


නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය පවසන්නේ රුපියල් මිලියන 5ක චෙක්පතක් පර්සි අබේසේකර මහතා වෙත ලබාදුන් බවය.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා විසින් ඊට අදාළ චෙක්පත පර්සි අබේසේකර මහතා වෙත ලබාදුනි.


ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ගනු ලැබූ තීරණයකට අනුව මෙම පරිත්‍යාගය ලබාදුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.



 

More News..