මොණරාගල වැව් 21ක් ප්රතිසංස්කරණය කෙරේ
29 October 2026 | කැලුම් ගුණතිලක-මොනරාගල
මොණරාගල වැව් 21ක් ප්රතිසංස්කරණය කෙරේ
29 October 2026 | කැලුම් ගුණතිලක-මොනරාගල
මොණරාගල දිස්ත්රික්කයේ පිහිටි වැව් සහ අමුණු විසිඑකක් ප්රතිසංස්කරණය කිරීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තුමේන්තුව පියවර ගෙන ඇතැයි මොණරාගල ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් සුජානී පියවරදන අද (29) පැවසුවාය.
ඒ සඳහා වැය කරන මුළු මුදල රුපියල් හතළිස් පන් කෝටි විසිහතර ලක්ෂ අසූ හත්දහස් පනස් හයකි.
මේ වන විට වැව්වල ප්රතිසංස්කරණ කටයුතු නිමවෙමින් පවතින අතර බොහෝ වැව් සහ අමුණුවල මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කර ඇත.
අත්හැර දමන ලද වැව් ප්රතිසංස්කරණ ව්යාපෘතිය යටතේ ඇති මලේ මීහරක්පිටිය වැව සඳහා රුපියල් එක්කෝටි හැත්තෑ අටලක්ෂ විසිතුන් දහස් හතරක් වැය කර ඇත .
ඉන් කුඹුරු අක්කර 195 ක්,වැව් අමුණු ප්රතිසංස්කරණ වැඩසටහන යටතේ බඩල්කුඹුර පුස්දිවුලවැව,පල්ලේ වෙල්යාය ඇල,පොතුකොලපිටියඅමුණ,කරවිලඇල්ල අමුණ සහ මොණරාගල රදාන වැව යන වැව් ප්රතිසංස්කරණය සඳහා රුපියල් පන් කෝටි අනූඅට ලක්ෂ හරසියය අනූවක් වැය කෙරේ.
කුඹුරු අක්කර 195.5 ක්,2025 වර්ෂයේ බැදීම් පියවීම් අවිච්ඡේද ව්යාපෘතිය යටතේ බුත්තල හල්මිල්ලපිල්ලෑව ඇල ප්රතිසංස්කරණය සඳහා රුපියල් තුන් කෝටි තිස්හය ලක්ෂ විසිතුන් දහස් තුන්සිය අනූහයක් වැයකර කුඹුරු අක්කර 157 ක්,සාම්ප්රදායික ජල කළමනාකරණ පිළිවෙත් හා පරිසර පද්ධති සහිත ආදර්ශ වැව සංවර්ධනය කිරීම යටතේ බුත්තල ඉඳිගස්වැව ප්රතිසංස්කරණය සඳහා රුපියල් අනූනව ලක්ෂ අනූ අටදහස් තුන්සිය හතක් වැය කරන අතර කුඹුරු අක්කර හැටක් සඳහා දියවර සැපයේ.
CERC ව්යාපෘති යටතේ ලෝක බැංකු ආධාර මත දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් වැව් ප්රතිසංස්කරණය යටතේ පහත වැව් සඳහා රුපියල් තිස්තුන්කෝටිහැත්තෑ දෙලක්ෂ හැට දෙදහස් නවසිය පනස් නවයක් වැය කරන අතර එලෙස ප්රතිසංස්කරණ කෙරෙන වැව් පහත සඳහන් වේ.
කතරගම ගෙස්ටුපාන වැව,කොහොඹ දිගාන වැව,ගොයාගල වැව යටතේ කුඹුරු අක්කර 340 ක්ද,බිබිල කොටගම රත්මල්ඇල වැව යටතේ අක්කර 20.75ක්ද,මැදගම කිවුලවැව අක්කර 19,පුවක්මල්අරාව වැව අක්කර 19,අලාන කිවුල වැව අක්කර 14,කොකටියගොල්ල වැව අක්කර 49,බඩල්කුඹුර උණගස් කණ්ඩියවැව අක්කර 14,න්නනපුරාව මඩිත්තාව වැව අක්කර 141,නනන්පුරව වැව අක්කර 22.5,මල්ගස්ලන්ද 01 වැව අක්කර 1.5,පරළුවැව අක්කර 180.

