brand logo
logo
 ජනපති අනුර කුමාරගෙන් බ්‍රසීල ජනාධිපතිට සුබ පැතුම්

ජනපති අනුර කුමාරගෙන් බ්‍රසීල ජනාධිපතිට සුබ පැතුම්

26 October 2026


සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති ලූලා ද සිල්වා මහතාගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබපැතුම් එක්කර තිබේ.


සිය X ගිණුමෙහි සටහනක් තබමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබපැතුම් එක්කර ඇත.


බ්‍රසීලයේ ජනතාව දූෂණයට, සමාජ බෙදීම්වලට සහ දේශපාලන මුසාවාදවලට එරෙහිව ජයග්‍රහණය කර ඇති බව ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවුඩයේ සඳහන් කර ඇත.


ලූලාගේ ඓතිහාසික ජයග්‍රහණයෙන් පෙන්නුම් කරන්නේ අසාර්ථක දේශපාලන පරම්පරාවන්ට සහ යුක්තියට වඩා බලය උසස් යැයි සිතන අතීතයේ බලවේගවලට ජනතාව රැවටිය නොහැකි බව යැයි ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබේ.


නැවත වරක් ප්‍රගතියේ ගමනට නායකත්වය ලබාදීම වෙනුවෙන් ලූලා මහතාට උණුසුම් සුබපැතුම් එක්කරන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

More News..