රෝද පුටුවේ සිට විභාගෙ ලියා වෛද්‍ය විද්‍යාලයට ගිය සවිත්
11 May 2026 | ජයසිරි පේදුරුආරච්චි - මාතර
රෝද පුටුවේ සිට විභාගෙ ලියා වෛද්‍ය විද්‍යාලයට ගිය සවිත්
11 May 2026 | ජයසිරි පේදුරුආරච්චි - මාතර
රෝද පුටුවේ සිට අධ්‍යාපන කටයුතුවල නිරවෙමින් පසුගිය උසස් පෙළ විභාගය ඉහළින් සමත් ව වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ සවිත් ගිම්හාන්ට ඇමෙරිකාවේ පදිංචි ශ්‍රී ලාංකිකයකු විසින් රුපියල් ලක්ෂයකට වැඩි වටිනාකමකින් යුත් ඉගෙනුම් උපකරණයක් ලබාදීමට පියවර ගෙන ඇත.
අදාල උපකරණය සවිත් ගිම්හාන්ට ලබාදීම මාතර රාහුල විද්‍යාලයේදී පසුගියදා සිදුකෙරෙණි. තිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය නියුතු ක්‍රීඩා නිලධාරීනී ඩබ්ලිව්. හසන්ති මධුමාලිගේ මඟ පෙන්වීම මත මෙම සද්ක්‍රියාව සිදුව ඇත.
ත්‍යාගය ලබාදෙන අය පිළිබඳ නමක් ගමක් දන්වනු හෝ සඳහන් නොකරන ලෙසත් පවසා ඇමෙරිකාවේ සිටින අදාළ පුද්ගලයා විසින් කොළඹ ජීවත්වන තම සොයුරිය මාර්ගයෙන් හසන්ති මදුමාලි මෙනවියට මෙම උපකරණය භාරදී ඇත. එම අවස්ථාව සඳහා විද්‍යාලයේ විදුහල්පති විරාජිත් කඩවැද්දූ මහතා, ක්‍රීඩා නිලධාරී හසන්ති මදුමාලි මෙනවිය හා ඇයගේ මව වූ විනිතා අයුරාංගනී ද එක්ව සිටියහ.

