brand logo
logo
 රුපියලේ අගය සීඝ්‍රයෙන් පහත වැටීම බරපතල ගැටලුවක් - එක්සත් ජාතික පක්ෂය

රුපියලේ අගය සීඝ්‍රයෙන් පහත වැටීම බරපතල ගැටලුවක් - එක්සත් ජාතික පක්ෂය

21 May 2026


ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පාලනයකින් තොරව සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් රජය බරපතල ගැටලුවකට මුහුණදී ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.


නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පෙන්වා දෙන්නේ, පැහැදිලි ආර්ථික සැලැස්මක් නොමැතිකම සහ මෙරට විදේශ සංචිත ඉහළ නැංවීමට රජය අසමත්වීම හේතුවෙන් එක්සත් ජනපද ඩොලරයේ අනුපාතය වේගයෙන් ඉහළ ගොස් ඇති බවය. 


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට මාස 20කට පෙර වර්තමාන රජයට රට භාරදෙන විට ඩොලරයේ අගය රුපියල් 292ක් ලෙස පැවති බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි. 


මේ වනවිට එය රුපියල් 354 දක්වා ඉහළ ගොස් ඇත්තේ, හිටපු ජනාධිපතිවරයා විසින් ආරම්භ කරන ලද ආර්ථික වැඩසටහන අඛණ්ඩව කරගෙන යාමට රජය අපොහොසත්වීම හේතුවෙනි. 


 

More News..