Best News Website award
brand logo
logo
නතර කිරීමට පෙර බස් රථයට ගොඩවීමට ගිය මගියාගේ පාදයක් බස් රෝදයට යටවෙයි

නතර කිරීමට පෙර බස් රථයට ගොඩවීමට ගිය මගියාගේ පාදයක් බස් රෝදයට යටවෙයි

13 November 2026


නුවරඑළිය වලපනේ බස් නැවතුම්පොළේදි බස් රථයේ ඉදිරිපස රෝදයට යට වී මගියෙකු අද (13) බරපතල ලෙස තුවල ලබා ඇති බවත්, තුවාලකරුගේ තත්වය බරපතල නිසා වලපනේ ප්‍රාදේශීය රෝහලේ සිට තුවාලකරු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ වෙත මාරු කර යැවු බව වලපනේ පොලිසියේ නිළධාරියෙකු පැවසීය.


රාගල සිට වලපනේ හරහා කොළඹ දක්වා ධාවනය වන බස්රථය වලපනේ බස් නැවතුම්පොළට ඇතුලත් කිරිමේදි බස් රථය නතර කිරිමට ප්‍රථම කොළඹ යෑමට පැමිණි මගියෙකු බස් රථයේ ඉදිරිපස දොරටුවෙන් ඇතුලු විමට උත්සහ කිරිමේදි මගියා ඇද වැටී ඔහුගේ දකුණු පාදය රෝදයට යට වී මෙම අනතුර සිදු වී ඇත.


මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ වලපනේ රූපහ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 53ක පුද්ගලයෙකු බවත්, එම පුද්ගලයා දිපාවලී උත්සවයට නිවසට පැමිණ ආපසු කොළඹ දක්වා යෑමට අද වලපනේ බස් නැවතුම්පොළට පැමිණි අවස්ථාවේ අවධානම් සහිතව නොසැලකිලිමත් ලෙස බස් රථයට ගොඩවිමට යැමේදි මෙම අනතුර සිදු වී ඇති බවයි වලපනේ පොලිසිය කියා සිටියේ.


ලංගම බස් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකාර රියදුරා වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද වලපනේ පොලිසිස් නිළධාරියෙකු පැවසීය.


 

More News..