brand logo
logo
 රස්නය වැඩිවීමෙන් කිකිළියෝ බිත්තර දැමීම අඩු කරලා

රස්නය වැඩිවීමෙන් කිකිළියෝ බිත්තර දැමීම අඩු කරලා

21 July 2026


බඩඉරිඟු ආනයනය සඳහා රජය දී තිබූ අවසරය ඉවත් කිරීමෙන් සත්ත්ව ආහාර නිෂ්පාදනය අර්බුදයකට ලක්වීම නිසා මෙන්ම මේ වන විට පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් බිත්තර නිෂ්පාදනය 30% කින් අඩු වී බිත්තර මිල ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසා සිටී.


ගොවිපොළවල දිනකට නිෂ්පාදනය කරන ලද ලක්ෂ 95 ක් පමණ වූ බිත්තර ප්‍රමාණය මේ වන විට ලක්ෂ 75 ත් 80 ත් අතර ප්‍රමාණයකට අඩු වී ඇති බව සඳහන් කරන සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් එම්. ගුණසේකර මේ හේතුවෙන් බිත්තර තොග මිල පසුගිය දිනවල රුපියල් 32 ත් 35 ත් අතර වූ බව සඳහන් කරයි.


මේ වන විට පවතින බඩඉරිඟු හිඟය නිසා ඊට විකල්පයක් ලෙස සත්ත්ව ආහාර සඳහා සහල් යෙදූවිට බිත්තරයේ කහමදය සකස් නොවන බව පෙන්වා දෙන ඔහු බඩඉරිඟු යෙදූවිට බිත්තරයේ කහමද වර්ණවත් වන බව ද සඳහන් කළේ ය.


මේ දිනවල බිත්තරයක සිල්ලර මිල රුපියල් 43 ත් 45 ත් අතර වන බව වෙළෙඳපොළ නිරීක්ෂණයේදී පෙනී යයි.


 

More News..