දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කෙරේ
18 January 2025
දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කෙරේ
18 January 2025
දුම්රිය ගමන් වාර 12ක් පමණ අද (18) දිනයේත් අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කෙටි ගමන් සේවා යටතේ කොළඹ කොටුවට පැමිණෙන දුම්රිය 06ක් සහ කොටුව සිට ආරම්භ කිරීමට නියමිත දුම්රිය 06ක් මෙලෙස අවලංගු කර තිබේ.
කෙසේ වෙතත් අද රාජකාරී දිනයක් නොවන බැවින් සවස් කාලයේ දුම්රිය අවලංගු කිරීමක් සිදු නොවනු ඇති බව සඳහන්ය.
දුම්රිය රියදුරු හිඟය හේතුවෙන් ඊයේ (17) දිනයේද දුම්රිය 25ක් පමණ අවලංගු කිරීමට සිදුවිය.
දුම්රිය රියදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගයට රියදුරන් සූදානම් වීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුව ඇත.