බොරතෙල් මිල පහළට
20 October 2026
බොරතෙල් මිල පහළට
20 October 2026
රුසියානු බලශක්ති අපනයනයන්ට අදාළව පනවා තිබූ ඇතැම් සම්බාධක සහ තීරුබදු ඉවත් කිරීමට ඩොනල්ඩ් ට්රම්ප් විසින් විධායක නියෝගයක් නිකුත් කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ.
ඒ අනුව, බ්රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ශත 49කින් හෙවත් සියයට 0.45කින් පහළ වැටී ඩොලර් 109.06ක් ලෙස සටහන් විය.
එමෙන්ම, අමෙරිකානු WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද සියයට 0.33කින් පහළ වැටී ඩොලර් 103.32ක් ලෙස වාර්තා වී තිබේ.
පසුගිය සිකුරාදා රාත්රියේ ජනාධිපති ට්රම්ප් විසින් රුසියානු භාණ්ඩ සඳහා පනවා තිබූ තීරුබදු මෙන්ම රුසියානු තෙල් සහ ගෑස් මිලදී ගැනීම වෙනුවෙන් පනවා තිබූ ප්රධාන සම්බාධක කිහිපයක් ලිහිල් කිරීමට නියෝග කර තිබුණි.
නමුත්, මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවත්, තත්ත්වය ඇගයීමට තවදුරටත් කාලය අවශ්ය බවත් අමෙරිකානු රාජ්ය ලේකම් මාර්කෝ රූබියෝ මහතා පවසා ඇත.
කෙසේවෙතත් මැදපෙරදිග කලාපයේ පවතින මෙම නොසන්සුන්කාරී තත්ත්වය සහ ඉන්ධන සැපයුමට එල්ල වී ඇති අවදානම හේතුවෙන්, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඩොලර් 100 සීමාවට ඉහළින් පවත්වා ගැනීමට හේතු වී ඇති බව ද වාර්තා වේ.

