ඒඩ්ස් වැඩිම රටවල් 21න් ලංකාවට 17වැනි තැන
05 October 2026 | ශිරාන් රණසිංහ
ඒඩ්ස් වැඩිම රටවල් 21න් ලංකාවට 17වැනි තැන
05 October 2026 | ශිරාන් රණසිංහ
එච්අයිවී ඒඩ්ස් ආසාදිතයන්ගේ ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්වන (2025) ලෝකයේ රටවල් විසිඑක (21) අතර දාහත්වන තැන ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් වැඩසටහන සඳහන් කරයි.
2022 වසරට සාපේක්ෂව 2025 වසර දක්වා කාලයේදී ලෝකයේ එහි වර්ධනය සියයට 20ක් යැයිද සඳහන්ය.
ඇෆ්ගනිස්ථානය, ඇල්ජීරියාව, ආමේනියාව, බංග්ලාදේශය, බ්‍රසීලය, කොංගො, කොස්ත්‍රිකා, ඊජිප්තුව, කිගරිස්ථානය, මැඩගස්කරය, නයිජීරියාව, පාකිස්ථානය, පැරගුවේ, පේරු, පිලිපීනය, සෙංගාලය, ශ්‍රී ලංකා, සූඩාන්, ටියුනීසා, වෙනිසියුලියා, යේමන යන රටවල් මීට ඇතුළත්ව ඇත.
2010 වසරට සාපේක්ෂව 2024 වන විට ලෝකයේ ඒඩ්ස් රෝගීන් වාර්තාවීම සියයට 40කින් පහළ ගොස් තිබුණත් එම කාල සීමාවේදී ශ්‍රී ලංකාවේ ඒඩ්ස් රෝගීන් හමුවීම 48%කින් ඉහළ ගොස් ඇතැයිද ජාතික ඒඩ්ස් මර්දන ඒකකය සඳහන් කරයි.
2023 වසරේ සිට ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලින් එච්අයිවී ඒඩ්ස් වයිරසය ආසාදිතවූවන් වැඩි වශයෙන් හමුවී ඇතැයිද එම ඒකකය කියයි.
2025 වසරේ පළමු මාස නවය තුළ පමණක් එච්අයිවී ඒඩ්ස් ආසාදිතයන් 639ක් මෙරටින් හමු වී ඇති අතර එය 2024 වසරට සාපේක්ෂව සියයට 6ක ඉහළ යාමකි.
දැනට ඇති වාර්තාවලට අනුව එච්අයිවී ඒඩ්ස් ආසාදිතයන් 4900-6500ත් අතර පිරිසක් සිටින බවද වෛද්‍යවරු පවසති.
මේ සම්බන්ධයෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් සඳහන් කළේ කාන්තාවන්ට වඩා පිරිමින් වැඩිපුර එච්අයිවී ඒඩ්ස් රෝගයට ගොදුරු වන බවත් ඊට හේතුව මත්ද්‍රව්‍ය ලබාගැනීමේ දී ඉන්ජෙක්ෂන් ආදිය භාවිතය ඊට හේතුවදැයි සැක පහළ වන බවයි.
ඉකුත් 2024 වසරට සාපේක්ෂව 2025 වසරේ රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත් ගම්පහ, කොළඹ දිස්ත්‍රික්කයේ අය අතර රෝගය හඳුනාගැනීම හා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එම දිස්ත්‍රික් දෙකෙහි ජංගම සායනද ආරම්භ කර ඇත.

