brand logo
logo
ICC සම්මානයක් සඳහා චමරි අතපත්තු නිර්දේශ වෙයි

ICC සම්මානයක් සඳහා චමරි අතපත්තු නිර්දේශ වෙයි

06 October 2026


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මඟින් ප්‍රකාශයට පත් කරන ලද සැප්තැම්බර් මාසයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නිර්දේශ වී ඇත.


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර ඇත්තේ පසුගිය මාසයේදී දැක්වූ විශිෂ්ට පිතිහරඹය සහ නායකත්වය පදනම් කරගනිමින් ඇය මෙම සම්මානය සඳහා නිර්දේශ වී ඇති බවයි.


ඒ අනුව කාන්තා ආසියානු කුසලානය සහ ආසියානු ක්‍රීඩා උළෙල පුරා මාසයක් පුරා කැපී පෙනෙන දස්කම් දැක්වීමෙන් අනතුරුව, ඉන්දියාවේ ෂෆාලි වර්මා සහ ශ්‍රී චරානි සමඟින් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු මෙම සම්මානය සඳහා නිර්දේශ වී ඇත.


මෙම ක්‍රීඩිකාවන් තිදෙනා තම කණ්ඩායම් වෙනුවෙන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ අතර, ඉන්දියාව ආසියානු කුසලානය සහ ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගත් අතර, ශ්‍රී ලංකාව තරඟ දෙකෙහිම අවසන් මහා තරඟයට පිවිසීමට සමත් විය.

 

More News..