brand logo
logo
කාසියේ වාසිය එංගලන්ත කණ්ඩායමට

කාසියේ වාසිය එංගලන්ත කණ්ඩායමට

17 September 2026

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම් නායක Harry Brook ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය ක‌ළේය.


අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබේ.

ඒ අනුව දෙපසින්ම පන්දු යැවිය හැකි තරිඳු රත්නායක ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය මංගල T20 ජාත්‍යන්තර තරගයට එක්ව සිටී.


එමෙන්ම මහීෂ් තීක්ෂණ වෙනුවට දිල්ෂාන් මධුශංක කණ්ඩායමට කැඳවා තිබේ.

අද තරග සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය.

පැතුම් නිස්සංක

කමිල් මිශාර 

කමිඳු මෙන්ඩිස්

චරිත් අසලංක 

ජනිත් ලියනගේ

දසුන් ශානක

වනිඳු හසරංග

තරිඳු රත්නායක

ඩිල්ෂාන් මධුශංක

දුෂ්මන්ත චමීර

එෂන් මාලිංග

 

More News..