වතු නිවාස පෙළක ගින්නක්
18 January 2025
වතු නිවාස පෙළක ගින්නක්
18 January 2025
මස්කෙළිය පොලිස් වසමට අයත් මාඋස්සාකැලේ වත්තේ වතු නිවාස පෙලක ඊයේ (17) දින රාත්‍රි 11.30 පමණ හටගත් ගින්නකින් නිවාස 8ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතිබව මස්කෙළිය පොලීසිය පවසයි.
නිවාස 12 කින් සමන්විත එම නිවාස පේළියේ පැතිර යමින් තිබූ ගින්‍න පාලනය කිරීමට වතු කම්කරුවන්, පොලිස් නිලධාරින් සහ මාඋස්‍සාකැලේ යුධ හමුදා කඳවුරේ භට පිරිස් සමත්වි ඇත.
ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති වුවත්, විනාශ වූ නිවාසවල පදිංචිකරුවන්ගේ පෞද්ගලික බඩුබාහිරාදිය සමිපූර්ණයෙන්ම විනාශ වී තිබේ.
ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.
විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බව පරීක්ෂණ සිදුකරන මස්කෙළිය පොලීසිය සැක කරයි.
ගින්නේ අවතැන් වූ පවුල් 8කට අයත් සමාජිකයන් 21 දෙනෙක් ආරක්‍ෂිත ස්ථානයක තාවකාලිකව නතර කිරිමට එම වතුයායේ පාලන අධිකාරිය පියවර ගෙන ඇත.