‘හස්ති සේනා’ මෙහෙයුමෙන් වැටලීම් රැසක්
05 November 2026
‘හස්ති සේනා’ මෙහෙයුමෙන් වැටලීම් රැසක්
05 November 2026
වන අලින්ගේ ජීවිත ආරක්ෂා කිරීම සහ අලි-මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ‘හස්ති සේනා’ මෙහෙයුම යටතේ කලාවැව උතුර ප්‍රදේශයේ විශේෂ වැටලීමක් සිදුකර තිබේ.
පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ, ඊයේ (04) සිදුකළ මෙම වැටලීම ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ඒකාබද්ධ සහභාගිත්වයෙන් සිදුකළ බවයි.
එහිදී නීතිවිරෝධී දඩයම් කටයුතු සඳහා භාවිත කළ හැකි තුවක්කු, පතරොම්, මූනිස්සම්, වෙඩි බෙහෙත්, මදු සහ හක්කපටස් ඇතුළු උපකරණ රැසක් සොයාගෙන තිබේ.
මීට අමතරව, හා මස් සහ මුව අං ද වැටලීමේදී නිලධාරීන්ගේ භාරයට ගෙන ඇත.
වනසතුන්ගේ ජීවිතවලට එල්ල වන තර්ජන අවම කිරීම, නීතිවිරෝධී දඩයම් ක්‍රියාකාරකම් වැළැක්වීම සහ අලි-මිනිස් ගැටුම පාලනය කිරීම මෙම ‘හස්ති සේනා’ මෙහෙයුමේ ප්‍රධාන අරමුණු වේ.
ඒ අනුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ආරක්ෂක අංශ සහ අදාළ රාජ්‍ය ආයතන ඒකාබද්ධව මෙවැනි වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද සඳහන් වේ.

