brand logo
logo
ලබන වසරේ පොල් ඵලදාව බහී - පොල් පර්‌යේෂණ සභාපති

ලබන වසරේ පොල් ඵලදාව බහී - පොල් පර්‌යේෂණ සභාපති

30 August 2026 | නිර්මාණි තිලකසිරි

මේ දිනවල පවතින වියළි කාලගුණයේ බලපෑම පොල් ඵලදාවට එල්ලවනුයේ එළැඹෙන වසරේ (2027 වසරේදී) බව පොල් පර්‌යේෂණ ආයතනයේ සභාපති මහාචාර්ය අජිත් ජයවීර පැවසීය.


මේ වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මසවලදී සෑම වසරකදී මෙන්ම පොල් ඵලදාවේ යම් අඩුවීමක් වුවද වියළි කාලගුණය සමග පොල් මල් පීදීම අඩුවීම මෙන්ම පොල් මල් වියළීම සහ ගෙඩි හැලීම හේතුවෙන් එය ලබන වසරේ පොල් අස්වැන්න අඩු කිරීමට හේතු විය හැකි බව හෙතෙම පෙන්වා දුන්නේය.


එබැවින් වගාකරුවන් මෙම වියළි කාලගුණයට ඔරොත්තු දෙන ලෙස පොල් වගාවේ ජලය රඳවා ගැනීමට ජල සංරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම වැදගත් බව සභාපතිවරයා සඳහන් කළේය. එමෙන්ම ඉදිරි කාලයේදී නව පොල් වගා ඇති කිරීමට වගාකරුවන් උනන්දු නොකරන බවත්, වියළි කාලගුණය සමග නව පොල් වගා විනාශ විය හැකි බවත් සභාපතිවරයා පැවසීය. කෙසේ වෙතත් මේ වසරේ (2026) දී වාර්ෂික පොල් අස්වැන්න පොල් ගෙඩි මිලියන තුන්දහස් දහඅටක් පමණ අපේක්ෂිත අතර එය පසුගිය වසරට (2025) සාපේක්ෂව සියයට එකොළහක වර්ධනයකි. පසුගිය වසරේ ලැබී ඇත්තේ පොල් ගෙඩි මිලියන දෙදාස් අටසීයක් වේ.

 

More News..