brand logo
logo
චාල්ස් රජු ලබන මසයේ අමෙරිකාවට

චාල්ස් රජු ලබන මසයේ අමෙරිකාවට

31 March 2026

බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු සිය ප්‍රථම නිල රාජ්‍ය සංචාරය සඳහා ලබන මසයේ අමෙරිකාව බලා පිටත්ව යන බව බකිංහැම් මාලිගය නිල වශයෙන් තහවුරු කර තිබේ.

ඉරාන යුද්ධය සම්බන්ධයෙන් පවතින විරෝධතා හේතුවෙන් මෙම සංචාරය කල් දමන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වී තිබුණද, සැලසුම් කළ පරිදි එය ක්‍රියාත්මක කිරීමට තීරණය වී ඇත.


බ්‍රිතාන්‍ය රජයේ උපදෙස් පරිදි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනයකට අනුව චාල්ස් රජු සහ කැමිලා රැජින මෙම සංචාරයට එක්වන බව බකිංහැම් මාලිගය අඟහරුවාදා (31) ප්‍රකාශ කළේය.


බ්‍රිතාන්‍යය සහ අමෙරිකාව අතර පවතින ඓතිහාසික සබඳතා සහ නවීන ද්විපාර්ශ්වික සබඳතා සැමරීම මෙන්ම අමෙරිකානු නිදහසේ 250 වන සංවත්සරය සනිටුහන් කිරීම ද මෙහි එක් අරමුණක් බව සඳහන් වේ.


මැදපෙරදිග ගැටුම් දෙවන මාසයටත් එළඹෙද්දී, බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් පිරිසක් මෙම සංචාරය පිළිබඳ ප්‍රශ්න කර තිබේ.


අමෙරිකානු සංචාරයෙන් අනතුරුව චාල්ස් රජු බර්මියුඩාව වෙත ද යාමට නියමිත අතර, එය රජු ලෙස ඔහු බ්‍රිතාන්‍ය විදේශ ප්‍රදේශයක සිදුකරන පළමු සංචාරය වනු ඇත.


අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානය සමඟ පවතින යුද්ධය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය දක්වන ප්‍රතිචාරය ජනාධිපති ට්‍රම්ප්ගේ විවේචනයට ලක්ව තිබුණි. කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාර්මර් යළිත් අවධාරණය කළේ මෙය බ්‍රිතාන්‍යයේ යුද්ධයක් නොවන බවත්, තම රටේ මැදිහත්වීම බ්‍රිතාන්‍ය වැසියන්ගේ ජීවිත සහ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා


 

More News..