චීන නගරයක උෂ්ණත්වය සෘණ 53ට අඩුවෙයි
2 months ago | සහන් වික්‍රමගේ
Share on
චීනයේ මොහේ නම් නගරයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක සෘණ 53ක් (ෆැරන්හයිට් අංශක සෘණ 63ක්) දක්වා පහත වැටී ඇත. මොහේහි කාලගුණ විද්‍යා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙයට පෙර එම නගරයෙන් වාර්තා වූ අඩුම උෂ්ණත්වය වන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක සෘණ 52.3ක් බවය. එය වාර්තා වී තිබුණේ 1969 වසරේය.
මොහේ නගරය අධික ශීතලක් පවතින නගරයක් ලෙස සැලකේ. චීනයේ ශීතලම නගරය ලෙස සැලකෙන්නේද එයය. එහි ශීත සෘතුව වෙනත් ප්‍රදේශවලට වඩා දීර්ඝ කාලයක් පවතින බවද සඳහන්ය. සාමාන්‍යයෙන් එම කාලය මාස අටක් පමණ වන බව වාර්තා වේ. මේ නිසා මෙම නගරය වසර පුරාම හිම ක්‍රීඩා ආදිය සඳහා පැමිණෙන සංචාරකයන්ගෙන් පිරී පවතියි. වසරේ මේ කාලයේ මොහේහි සාමාන්‍යයෙන් පවතින උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක සෘණ 15කි.
සමස්තයක් ලෙස ගත් විට චීනයෙන් වාර්තා වී තිබූ අවම උෂ්ණත්වය වන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක සෘණ 58කි. 2009 වසරේ දෙසැම්බරයේ එම උෂ්ණත්වය වාර්තා වී තිබුණේ ගෙන්හේ නැමැති ප්‍රදේශයකිනි.