විදෙස්ගතව සේවය කර නිවෙසට එවන ප්රේෂණ බද්දට යටත් නැහැ
20 October 2026 | සාලිය කුමාර ගුණසේකර
විදෙස්ගතව සේවය කර නිවෙසට එවන ප්රේෂණ බද්දට යටත් නැහැ
20 October 2026 | සාලිය කුමාර ගුණසේකර
මෙරට අයකු විදෙස්ගතව සේවය කර සිය නිවෙසට එවනු ලබන ප්රේෂණ බද්දට යටත් නොවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නන්දන කුමාර පැවසීය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (19 වැනිදා) පැවැති මාධ්ය හමුවේදී මාධ්යවේදියකු ඇසූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය.
විදෙස්ගතව සිටින ශ්රමිකයින් සිය නිවෙස් වලට එවනු ලබන ප්රේෂණ වලට අදාළව 2025/ 26 වසරේ සිට බදු ගෙවිය යුතුදැයි මාධ්යවේදියා විමසා සිටියේය.
“අදාළ පුද්ගලයා රටකට ගිහින් සේවාවක් කරලා ආදායම තමන්ගේ පවුලේ යැපෙන්නන් සඳහා එවන අවස්ථාවේදී එය බද්දට යටත්වීමක් වෙන්නේ නෑ මොකද එයා සේවාව සපයලා තියෙන්නෙත් ලංකාවෙන් එළියේදී. එහිදී සමහරවිට සේවය කරන රටේ යම් යම් බදු නීතීන් වලට යටත් වෙනවා. එයා ලංකාවේ නිර්වාසික කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔවුන් බද්දට යටත් වීමක් වෙන්නේ නෑ’’ යැයිද ඔහු පැවසීය.
කිසියම් අයකු ලංකාවේ සිට විදේශ පාර්ශ්වයන්ට සපයන සේවාවක් සඳහා සියයට පහළොවක (15%) ක බද්ද අදාළ වන බවද හෙතෙම කීවේය.

