brand logo
logo
ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද

ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද

22 August 2026


ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසාන කුඹල් පෙරහැර අද (22) පස්වරුවේ වීථි සංචාරය කිරීමට නියමිතව ඇත.


පාරම්පරික සංස්කෘතික චාරිත්‍රවලට අනුකූලව, ප.ව. 6:28ට යෙදෙන සුභ මොහොතින් උතුරු දිශාවට මුහුණ ලා පෙරහැර ආරම්භ කෙරේ.


පෙරහැරේ ගමන් ඇරඹෙන්නේ ශ්‍රී දළදා මාලිගාවේ වාහල්කඩ අසල පිහිටි සඳකඩපහණ මතට පූජනීය කරඬුව සහිත මංගල හස්තියා පා තබන මොහොතත් සමගයි.


මාලිගා පරිශ්‍රයේ මහමළුවෙන් පිටත්වන මෙම පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවැදීමට නියමිතය.


ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර ඉදිරියෙන්ම ගමන් කරන අතර,ඊට පසුපසින් නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සතර මහා දේවාලයන්හි පෙරහැරවල් ද ඊට එක්වේ.


ඊයේ (21) ප.ව. 6.40ට යෙදී තිබූ සුබ නැකතින් ආරම්භ වූ සිව්වන කුඹල් පෙරහැර, ශ්‍රී දළදා වීදිය සහ ඊ.එල්. සේනානායක වීදියේ ගමන් කර රජ වීදිය ඔස්සේ ඉහළට විත් නැවත දළදා මාලිගාවට ගෙවැදුණි.

 

More News..