brand logo
logo
උසස් පෙළ කඩඉම් ලකුණු ලබන මස මුල

උසස් පෙළ කඩඉම් ලකුණු ලබන මස මුල

11 July 2026

පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල වලට බඳවා ගැනීමේ කඩඉම් ලකුණු ලබන මස මුල් සතියේ ප්‍රකාශයට පත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.


උසස් පෙළ ප්‍රතිඵල මත මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම සඳහා අයැදුම්පත් 92,043 යොමුකර ඇති බව කොමිසමේ උප සභාපති මහාචාර්ය වසන්ත ලියනගේ මහතා ප්‍රකාශ කළේය.


එම අයැදුම්පත්‍ර සලකා බලා විශ්වවිද්‍යාලවලට 42,937 දෙනෙකු ඇතුළත් කර ගැනීමට නියමිතය.

මේ අතර නව උපාධි පාඨමාලා කිහිපයක්ද හදුන්වාදීමට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

 

More News..